30 C
Colombo
Wednesday, December 10, 2025

ෂාරුක් ඛාන්ගේ නවතම ක්‍රියාදාම චිත්‍රපටය ‘Jawan’

ෂාරුක් ඛාන්ගේ නවතම ක්‍රියාදාම චිත්‍රපටය වන ‘Jawan’ චිත්‍රපටයේ පළමු පූර්ව ප්‍රචාරක පටය එළිදක්වා තිබෙනවා.

‘Jawan’ අධ්‍යක්ෂණය කර ඇත්තේ කොලිවුඩ් සිනමාවේ ප්‍රමුඛ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වන අට්ලි කුමාර් විසින්.

චිත්‍රපටය ට බොලිවුඩ් සහ කොලිවුඩ් නළු නිළියන් රංගනයෙන් දායකත්වය දක්වා තිබෙනවා.

ෂාරුක් ඛාන්, නයන්තරා, ප්‍රියමානි, සන්‍යා මල්හෝත්‍රා, යොගි බාබූ, සුනිල් ගෝවර්, සිමාජීත් සින්ග් නග්රා, අසී බග්රී, මනහාර කුමාර් මෙම චිත්‍රපටයේ චරිත නිරූපනය කරන සෙස්සන් බවයි කියන්නේ.

ඉන්දිය සිනමා පසුබිම් සංගීතයේ ප්‍රකට සංගීතවේදියෙකු සහ තනු නිර්මාණකරු‍වෙකු වන අනිරුද් රවිචන්ද්‍ර විසින් චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කර තිබෙනවා.

බොලිවුඩ් සහ කොලිවුඩ් සම්මිශ්‍රණයකින් නිර්මාණය කර ඇති මෙම චිත්‍රපටය ඉන්දීය සිනමාවේ පෙරළියක් සිදුකරනු ඇති බවයි එරට සිනමා විචාරකයන් කියන්නේ.

 Jawan මංගල දර්ශනය එළැඹෙන සැප්තැම්බර් මස 07 වනදා ලොවපුරා එකම මොහොතක එළිදැක්වීමට නියමිත බව වාර්තා වෙනවා.

සිනමා පටය බෙදා හරිනු ලබන්නේ Yash Raj Films සහ AA Films විසින්.

ඉන්දීය රුපියල් බිලියන 2.2ක් (රුපියල් 8,337,978,915.20ක්) වැයකට යි චිත්‍රපටයේ නිෂ්පාදන පිරිවැය ඇස්තමේන්තු කර තිබුණේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[td_block_social_counter facebook="tagdiv" youtube="tagdiv" style="style8 td-social-boxed td-social-font-icons" tdc_css="eyJhbGwiOnsibWFyZ2luLWJvdHRvbSI6IjM4IiwiZGlzcGxheSI6IiJ9LCJwb3J0cmFpdCI6eyJtYXJnaW4tYm90dG9tIjoiMzAiLCJkaXNwbGF5IjoiIn0sInBvcnRyYWl0X21heF93aWR0aCI6MTAxOCwicG9ydHJhaXRfbWluX3dpZHRoIjo3Njh9" custom_title="Stay Connected" block_template_id="td_block_template_8" f_header_font_family="712" f_header_font_transform="uppercase" f_header_font_weight="500" f_header_font_size="17" border_color="#dd3333" twitter="#"]
Exit mobile version