25.6 C
Colombo
Thursday, December 11, 2025

උද්දික ප්‍රේමරත්න මහතාට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතා ගමන් කළ මෝටර් රථයට කිසියම් පිරිසක් විසින් අනුරාධපුර ගුවන්තොටුපොළ පාරේ ඔහුගේ පියාගේ නිවෙස අසලදී වෙඩි තබා තිබෙනවා.

අනුරාධපුර මූලස්ථාන පොලීසිය පැවසුවේ වෙඩි තැබීමෙන් මන්ත්‍රීවරයාට හෝ වෙනත් කිසිවකුටත් අනතුරක් නොවන බවයි.

මන්ත්‍රීවරයා නිවෙසට පැමිණෙමින් සිටියදී වෑන් රථයකින් පැමිණි පිරිසක් ඔහුගේ මෝටර් රථයට වෙඩි කිහිපයක් තබා පලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු නිලධාරීහු පිරිසක් ඒ මොහොතේම ඒ ස්ථානයට ගොස් සිද්ධිය පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

උද්දික ප්‍රේමරත්න මහතා පසුගිය මහ මැතිවරණයේදී අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වුණා.

ඔහු විමල් වීරවංශ මහතා නායකත්වය දරන ජාතික නිදහස් පෙරමුණේ සාමාජිකයකු වන අතර පසුගිය දා පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරන බව ප්‍රකාශ කළා. ඔහු පසුගිය දිනවල කළ සමහර ප්‍රකාශද සමාජයේ ආන්දෝලනයට ලක්වුණා.

උද්ධික ප්‍රේමරත්න මහතා පාර්ලිමේන්තුවේ තමන් ස්වාධිනව කටයුතු කරන බවට කල ප්‍රකාශයේ විඩියෝ ද නරඹන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[td_block_social_counter facebook="tagdiv" youtube="tagdiv" style="style8 td-social-boxed td-social-font-icons" tdc_css="eyJhbGwiOnsibWFyZ2luLWJvdHRvbSI6IjM4IiwiZGlzcGxheSI6IiJ9LCJwb3J0cmFpdCI6eyJtYXJnaW4tYm90dG9tIjoiMzAiLCJkaXNwbGF5IjoiIn0sInBvcnRyYWl0X21heF93aWR0aCI6MTAxOCwicG9ydHJhaXRfbWluX3dpZHRoIjo3Njh9" custom_title="Stay Connected" block_template_id="td_block_template_8" f_header_font_family="712" f_header_font_transform="uppercase" f_header_font_weight="500" f_header_font_size="17" border_color="#dd3333" twitter="#"]
Exit mobile version