27.2 C
Colombo
Wednesday, July 29, 2026

ක්‍රිකට් තහනම අනුමතයි – ශම්මි සිල්වා අයි සී සී රැස්වීමකටත් එක්වෙයි

අයි සී සී විධායක මණ්ඩල රැස්වීම අද (21) පැවතුන අතර එ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා සහභාගී වී ඇති බවයි වාර්තා වන්නේ.

එහිදි ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කිරීමට නොවැම්බර් 10 වනදා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ගත් තීරණය අයි සී සී විධායක මණ්ඩල රැස්වීමේදී අනුමත කර තිබෙනවා.
ක්‍රිකට් තහනම පැවතියද ජාතික කණ්ඩායම සම්බන්ධ ක්‍රිකට් බාධාවකින් තොරව පවත්වා ගෙන යාමට ඉඩ ලැබෙන බවයි Cricbuzz වෙබ් අඩවිය සඳහන් කළේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ලබාදෙන මුදල් දැඩි පාලනයකට යටත්ව නිදහස් කිරීමටද එහිදී තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version