26.7 C
Colombo
Wednesday, December 10, 2025

ගාල්ලේ වෙඩි තැබීමකින් රාජ්‍ය ඇමැති ඩී.වී. චානකගේ මාමණ්ඩිය මරුට

ගාල්ල ඩික්සන් පාරේදී ඊයේ රාත්‍රියේ සිදුවු (23) සිදුවූ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි පොලිසය පැවසුවේ.

ඔහු මෝටර් රථයෙන් යමින් සිටියදි මෙසේ වෙඩි තබා ඇති අතර ඝාතකයන් පලා ගොස් තිබෙනවා.

ඝාතකයින් වෙඩි වරුසාවක් එල්ලකර ඇති අතර ඔහු රියදුරු අසුනේම මියගොස් සිටි බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ගාල්ල නගරයේ රෙදිපිළි වෙළඳසලක් පවත්වා ගෙන යන 50 හැවිරිදි ලලිත් වසන්ත මෙන්ඩිස් නමැති ව්‍යාපාරිකයායි. ඔහු විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානකගේ මාමණ්ඩිය වන අතර සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලිසිය පරික්ෂණ ආරම්භකර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[td_block_social_counter facebook="tagdiv" youtube="tagdiv" style="style8 td-social-boxed td-social-font-icons" tdc_css="eyJhbGwiOnsibWFyZ2luLWJvdHRvbSI6IjM4IiwiZGlzcGxheSI6IiJ9LCJwb3J0cmFpdCI6eyJtYXJnaW4tYm90dG9tIjoiMzAiLCJkaXNwbGF5IjoiIn0sInBvcnRyYWl0X21heF93aWR0aCI6MTAxOCwicG9ydHJhaXRfbWluX3dpZHRoIjo3Njh9" custom_title="Stay Connected" block_template_id="td_block_template_8" f_header_font_family="712" f_header_font_transform="uppercase" f_header_font_weight="500" f_header_font_size="17" border_color="#dd3333" twitter="#"]
Exit mobile version