28 C
Colombo
Wednesday, December 10, 2025

ඇමරිකාව එපා කියපු සරත් වීරසේකර චීනයට කැදවයි

අමෙරිකා එක්සත් ජනපදය විසින් වීසා ලබාදීම ප්‍රතික්ෂේප කල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා චීනයට ගොස් තිබෙනවා.

චීනයෙන් ලද විශේෂ ආරාධනයකට අනුවයි පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා චීනයට ගොස් ඇත්තේ.

ඒ අනුව, Boao Forum For Asia නම් සංවිධානය විසින් ඔක්තෝබර් 29 සහ 30 දිනවල චීනයේ හුනාන් ප්‍රාන්තයේ පවත්වනු ලබන දෙවැනි ගෝලීය ආර්ථික සංවර්ධන සහ ආරක්ෂක සංසදයට(Global economic development and security forum) මන්ත්‍රීවරයා සහභාගී වුණා.

මන්ත්‍රීවරයා සිය සංචාරය අතරතුර Boao Forum for Asia හි මහ ලේකම් Li Baodong  මුණගැසී තිබෙනවා.

සරත් වීරසේකර මන්ත්‍රීවරයා චීන හිතවාදියකු සේ සැළකෙන අතර, එක්සත් ජනපදයේ සහ ඉන්දියාවේ විරෝධය නොතකා ආන්දෝලනාත්මක චීන නෞකාවක් වන ‘යුවාන් වැන්ග් 5’ මෙරටට පැමිණි අවස්ථාවේදී, එය පිළිගැනීම සඳහා හම්බන්තොට වරායට ගොස් එහිදී විශේෂ කතාවක්ද පැවැත්වුවා.

එසේම අමෙරිකානු සංචාරය සඳහා වීසා ලබාදීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු, ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනියගේ ප්‍රකාශ වලට එරෙහිව මන්ත්‍රීවරයා මැදිහත්වී පාර්ලිමේන්තුව හරහා නිර්දේශයක්ද ඉදිරිපත් කරනු ලැබුවා.

මින් ඉදිරියට ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමෙන් වළකින ලෙස බලකරමින් මන්ත්‍රීවරයා ප්‍රධානත්වය දරන පාර්ලිමේන්තුවේ ජාතික ආරක්ෂාව පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව එක්සත් ජනපද තානාපතිනී ජුලී චුන්ග් වෙත දැනුම්දෙන ලෙස එහිදී නිර්දේශ කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[td_block_social_counter facebook="tagdiv" youtube="tagdiv" style="style8 td-social-boxed td-social-font-icons" tdc_css="eyJhbGwiOnsibWFyZ2luLWJvdHRvbSI6IjM4IiwiZGlzcGxheSI6IiJ9LCJwb3J0cmFpdCI6eyJtYXJnaW4tYm90dG9tIjoiMzAiLCJkaXNwbGF5IjoiIn0sInBvcnRyYWl0X21heF93aWR0aCI6MTAxOCwicG9ydHJhaXRfbWluX3dpZHRoIjo3Njh9" custom_title="Stay Connected" block_template_id="td_block_template_8" f_header_font_family="712" f_header_font_transform="uppercase" f_header_font_weight="500" f_header_font_size="17" border_color="#dd3333" twitter="#"]
Exit mobile version