25 C
Colombo
Monday, November 25, 2024

සරත් වීරසේකරට ඇමරිකාවෙන් විසා නොලැබුනේ ඇයි

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ආංශික කාරක සභා සභාපතිවරුන් උදෙසා ඇමෙරිකා එක්සත් ජනපදයේ වැඩමුලුවක් සංවිධානය කර තිබෙනවා.

මේ වැඩමුලුව සඳහා පාර්ලිමේන්තු ආංශික කාරක සභා 17 හිමි සභාපතිවරුන් තේරී පත්වී තිබුණා.

කෙසේවෙතත් ජාතික ආරක්ෂාව උදෙසා වූ ආංශික කාරක සභාවේ සභාපති වූ රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ඊට සහභාගී වීමට උත්සාහ කළේ නැහැ.

ඔහු ඒ අවස්තාව, ඔහුගෙන් ඉල්ලීමක් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් ප්‍රදීප් උදුගොඩට පිරිනමා තිබුණා.

කෙසේ වෙතත් ඇමෙරිකාව, ඇමෙරිකාවටම සුපුරුදු පරිදි ක්‍රියාත්මක වු අතර ඔවුන් මේජර් ප්‍රදීප් උඳුගොඩට වීසා ලබා දීම ප්‍රතික්ෂේප කළා.

ඒ වෙනුවට ඔවුන් විසින්ම දෙමල සංධාන මන්ත්‍රීවරයෙකුට මේ අවස්තාව ලබා දීමට ඇමෙරිකාව විසින් යෝජනා කර තිබුණා.

නමුත් එය පාර්ලිමේන්තු රීතිය උල්ලංඝනය කිරීමක් මෙන්ම, මෙරට පාර්ලිමේන්තුවට ඔවුන් කළ අපහාසයක්ද වනවා.

මේ බව දැනගත් විගස සරත් වීරසේකර අමාත්‍යවරයා ක්‍රියාත්මක වුණා.

ඔහු යළිත්, ආංශික කාරක සභා සභාපතිවරයා ලෙසම වැඩසටහනට සහභාගී වන බව කථානායකවරයා මගින් සංවිධායකයන්ට දැනුම් දුන් අතර පුදුමය වන්නේ මෙවර සරත් වීරසේකර අමාත්‍යවරයාට වීසා හිමි නොවන බව ඇමෙරිකාව විසින් දන්වා එවා තිබිමයි

මේ සඳහා හේතු දෙකක් බලපා තිබෙනවා

පළමුවැන්න නම් රියර් අද්මිරාල් සරත් වීරසේකර, ක්‍රියාන්විත රණවිරුවෙක් ලෙසත් ඉන්පසුව සිවිල් ආරක්ෂක බලකායේ ප්‍රධානියා ලෙසත් සෘජුවම යුධ ජයග්‍රහණයට සම්බන්ධ වූ රණවිරුවෙකු වීමයි.

පසුව පැත්ත මාරු කළ සරත් ෆොන්සේකා හැර, ත්‍රිවිධ හමුදාවේ වෙනත් සරත් ලාට, ශවේන්ද්‍ර ලාට ඇමෙරිකානු වීසා හිමි නොවිමයි.

රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා යුද්ධයෙන් පසුවත්, ශ්‍රී ලංකාවට එරෙහි යුධ අපරාධ මතවාදයට එරෙහිව සෘජුවම සටන් කළ පුද්ගලයෙක්.

පාර්ලිමේන්තුවට තේරී පත් වී, ඇමෙරිකාව මූලිකත්වයෙන් ගෙන ආ 19 වෙනි සංශෝධනයට විරුද්ධව ඡන්දය භාවිතා කළ අයෙක් මෙන්ම සිංහල බෞද්ධයාගේ අයිතිය වෙනුවෙන් නිබඳවම පෙනී සිටින්නෙක්

ඉතින් ඇමෙරිකාව ඔහු සමග පරල වීම පුදුමයට කරුණක් නොවේ.

දෙවැන්න නම් ඇමෙරිකාවට මේ වැඩමුලුව සඳහා ජාතික ආරක්ෂාව සම්බන්ධ අංශයෙන්, දෙමල ජාතික සංධාන මන්ත්‍රීවරයෙකු ගෙන්වා ගැනීමේ තදබල උවමනාවයි.

එම නිසා දෙමල ජාතික සංධාන මන්ත්‍රීවරයෙකු හැර, වෙනත් පුද්ගලයෙකුට ඔවුන්ගෙන් වීසා ලැබෙන්නේ නැත.

ඒ ඔවුන්ගේ හැටියයි.

සරත් වීරසේකර ට ඇමෙරිකානු වීසා අවශ්‍ය නැත.

ඔහු උත්සාහ කළේ මේ වැඩසටහනට, දෙමල සංධානයේ බෙදුම්වාදියෙකු ගෙන්වා ජාතික ආරක්ෂාව සම්බන්ධ කරුණු ඔහුට යෑම වැළැක්වීමට පමණයි.

නමුත් සිදුවීම සම්බන්ධයෙන් ඇමෙරිකානු ඇජෙන්ඩාවට හිතවාදී, US AID අරමුදලෙන් දුවන ඇතැම් “අමීන්” ලාගේ මාධ්‍ය අමූලික අසත්‍ය සමාජගත කරමින් සිටිනවා.

අමීන් ලා උත්සාහ කරන්නේ සරත් වීරසේකර ලා පිළිබඳ වැරදි සමාජගත කරන්නටයි.

එනමුත් මේ රටේ බහුතර සිංහල බෞද්ධයා සරත් වීරසේකර ලා ගැනත්, අමීන් ලා ගැනත් ඔවුන්ගේ ඉතිහාසයේ කෙරුම් ගැනත් හොඳින් දනියි.

එම නිසා ව්‍යාජ මීඩියා සංදර්ශන වලින් පමණක් ජනතාව රැවටීම අමීන් ලාගේ දවල් හීනයක් වනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version