26 C
Colombo
Saturday, October 11, 2025

බදුල්ල රෝහලට පැමිණි චාමර සම්පත්

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී සිදුවු අනතුරින් මේ වනවිට දෙදෙනෙකු මියගොස් තවත් 12ක් තුවාල ලබා ඇති බව වාර්තා වනවා.

තුවාල ලැබූවන් මේ වනවිට බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

කෙසේ වෙතත් අප වාර්තාකරුවන් පැවසූවේ තුවාලකරුවන් සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවයි.

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ කිලෝමීටර 24 කනුව ආසන්නයෙන් බස්රථය මෙලෙස ප්‍රපාතයට පෙරළී ඇති අතර, එය මීටර 200ක් පමණ පහළට ගොස් ඇති බව සඳහන්.

ඇල්ලේ විනෝද චාරිකාවක් පැමිණි තංගල්ල නගර සභාවේ කාර්යය මණ්ඩලයේ පිරිසක් මෙම අනතුරට මුහුණ පා තිබෙනවා.

ඔවුන් යළි තංගල්ල බලා යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version