26 C
Colombo
Monday, November 25, 2024

සිම්බා සිංහ පැටවා දෙහිවල සත්වෝද්‍යානයේ මහජන ප්‍රදර්ශනයට

හම්බන්තොට සෆාරි උද්‍යානයේ චන්ඩී සහ මීරා සිංහ යුවලට දාව උපත ලැබූ ” සිම්බා ”  සිංහ පැටවා ඉකුත් 26 දින සිට මහජන ප්‍රදර්ශනයට ඉදිරිපත් කෙරුණා.

මීට මාස 5 කට  පෙර දුර්වල තත්ත්වයෙන් උපත ලැබූ ” සිම්බා “සිංහ පැටවා  තම මව විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් දෙහිවල ජාතික සත්වෝද්‍යානයට රැගෙන එමට කටයුතු කෙරුණා.

පශු වෛද්‍යවරුන් හා සත්ව භාරකරුවන්ගේ අධීක්ෂණය යටතේ අවශ්‍ය ප්‍රතිකාර මෙන්ම නොමද  ආදරය , කරුණාව ලබමින් දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ හැදී වැඩුනු සිම්බා මේ වන විට යහපත් සෞඛ්‍ය තත්වයෙන්  පසුවන බවයි වෛද්‍යවරු පවසන්නේ. “සිම්බා” සිංහ පැටවා සතියේ සෑම දිනකම  පෙරවරු  9.30 -10.30 දක්වාත් පස්වරු 2.30 – 3.30 දක්වාත් අලි රංග පීඨ 1 දී සත්වෝද්‍යානය නරඹන්නන් හට දැක ගැනිමට අවස්ථාව උදාවනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version