27.2 C
Colombo
Wednesday, December 10, 2025

බදුල්ලේ පාසල් මහා ක්‍රිකට් තරගාවලිය අතර තුර ජීවිත දෙකක් බිලිගත් බිග් මැච් රථ පෙළපාළිය

බදුල්ලේ පාසල් මහා ක්‍රිකට් තරගාවලියක් වෙනුවෙන් පැවති රථ පෙළපාළියක් අතරතුර ජීප් රථයක් පෙරළී සිදු වූ අනතුරකින් පාසල් ළමුන් දෙදෙනෙකු ජීවීතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ බදුල්ල නව ක්‍රීඩාංගණය අසල සිදුවූ මෙම අනතුරින් තවත් 08 දෙනෙකු තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් අර ඇති අතර ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළේ.

බදුල්ල ජනප්‍රිය පාසල් දෙකක් අතර පාසල් මහා ක්‍රිකට් තරගාවලිය මෙලෙස පැවැත්වෙමින් තිබු අතර එම තරඟයට සමගාමීව පැවැත්වූ රථ පෙළපාළියේ ගමන් ගත් ජීප් රථයක් පෙරළීයාමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරින් බදුල්ල ධර්මදූත විදුහලේ 13වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටි සිසුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බවයි.

මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ රවිදු දුලක්ෂණ ජයතිලක සහ හරින්ද්‍ර රුක්මාල් යන සිසුන් දෙදෙනායි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[td_block_social_counter facebook="tagdiv" youtube="tagdiv" style="style8 td-social-boxed td-social-font-icons" tdc_css="eyJhbGwiOnsibWFyZ2luLWJvdHRvbSI6IjM4IiwiZGlzcGxheSI6IiJ9LCJwb3J0cmFpdCI6eyJtYXJnaW4tYm90dG9tIjoiMzAiLCJkaXNwbGF5IjoiIn0sInBvcnRyYWl0X21heF93aWR0aCI6MTAxOCwicG9ydHJhaXRfbWluX3dpZHRoIjo3Njh9" custom_title="Stay Connected" block_template_id="td_block_template_8" f_header_font_family="712" f_header_font_transform="uppercase" f_header_font_weight="500" f_header_font_size="17" border_color="#dd3333" twitter="#"]
Exit mobile version