27.2 C
Colombo
Wednesday, December 10, 2025

මෙරට සිට අන්තර්ජාලය හරහා කෝටි 30කට අධික මුදල් වංචා කර චීන ජාතිකයන් බන්ධනාගාරයට

අන්තර්ජාලය ඔසසේ රුපියල් කෝටි 30 පමණ මුල්‍ය වංචාවක් සිදු කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් චීන ජාතිකයන් 39 දෙනා මේ මස 6 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත තිබෙනවා.

ඒ ඔවුන් කළුතර මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි.

චීන තානාපති කාර්යාලය හරහා ලැබුණු පැමිණිල්ලකට අනුව අලුත්ගම – කළුවාමෝදර ප්‍රදේශයේ සංචාරක නිකේතනයක රැදි සිටියදී මොවුන් අතුඅඩංගුවට ගනු ලැබුවේ පෙරේදායි..

පසුගිය පෙබරවාරි මාසයේ දී සංචාරක වීසා මත මෙරටට පැමිණ ඇති අදාළ චීන ජාතිකයන් 39 දෙනා අතර කාන්තාවන් 5දෙනෙකු සහ වයස අවුරුදු 6ක කුඩා පිරිමි දරුවෙකුද වනවා.

රුපියල් කෝටි 30ක පමණ මුදලක් වංචා කර ඇති මෙම චීන ජාතිකයින් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔවුන් සතුව තිබී ලැප්ටොප් පරිගණක 34ක්,මිල අධික ජංගම දුරකතන 120ක් මෙන්ම විදේශ මුදල් ඇතුළු මුදල් තොගයක් ද සොයා ගැනුණා.

අපගේ යුටියුබ් නාලිකාව සමග එක්වන්න >>>>>>>>>>

https://www.youtube.com/c/LBCNews

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[td_block_social_counter facebook="tagdiv" youtube="tagdiv" style="style8 td-social-boxed td-social-font-icons" tdc_css="eyJhbGwiOnsibWFyZ2luLWJvdHRvbSI6IjM4IiwiZGlzcGxheSI6IiJ9LCJwb3J0cmFpdCI6eyJtYXJnaW4tYm90dG9tIjoiMzAiLCJkaXNwbGF5IjoiIn0sInBvcnRyYWl0X21heF93aWR0aCI6MTAxOCwicG9ydHJhaXRfbWluX3dpZHRoIjo3Njh9" custom_title="Stay Connected" block_template_id="td_block_template_8" f_header_font_family="712" f_header_font_transform="uppercase" f_header_font_weight="500" f_header_font_size="17" border_color="#dd3333" twitter="#"]
Exit mobile version