30 C
Colombo
Wednesday, December 10, 2025

රූ රැජිනියගේ ඝා@තනය ගැන සැමියා වමාරයි

හිටපු ස්විට්සර්ලන්ත රූ රැජින ක්‍රිස්ටිනා ජොක්සිමොවික් ඝාතනය කර ඇගේ සිරුර කොටස් කර විසුරුවා හැර ඇත්තේ ඇගේ සැමියා වන තෝමස් විසින් බව ස්විට්සර්ලන්ත බලධාරීන් අනාවරණය කර ගෙන තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ඇයගේ 41 හැවිරිදි සැමියා අත්අඩංගුවට ගත් අතර එහිදී ඔහු මෙම අපරාධය පිළිබඳව සියල්ල පාපොච්චාරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

38 හැවිරිදි හිටපු නිරූපිකාවක් පෙබරවාරි 13 වන දින බාසල් සිට නිරිත දෙසින් සැතපුම් දෙකක් පමණ දුරින් පිහිටි බිනින්ගන්හි ඇගේ නිවසේ කාමරයේදී මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එහිදී අනාවරණය වූයේ ක්‍රිස්ටිනා ජොක්සිමොවික් මරණයට පෙර ගෙල සිරකර මරා දමා ඇති බවයි.

ඒ අනුව ඇයගේ 41 හැවිරිදි සැමියා සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු විසින් සිය බිරිඳව ඝාතනය කර සිරුරේ සමහර කොටස් කපා දමා ඇති බවයි මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.

තම බිරිඳ මරා දැමුවේ ආත්මාරක්ෂාව සඳහා වන අතර ඇය තමාට පිහියකින් පහර දුන් බවට ඇයගේ සැමියා මෙහිදී පාපොච්චාරණය කර තිබෙනවා.

කෙසේ වෙතත් අධිකරණ වෛද්‍ය වාර්තා පෙන්වා දෙන්නේ අදාළ සැමියාගේ මෙම ඝාතනය ආත්මාරක්ෂාව සඳහා සිදු කළ බවට සඳහන් කළත් එය ඊට පටහැනි වන අතර ඔහු මානසික රෝගයකින් පෙළෙන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[td_block_social_counter facebook="tagdiv" youtube="tagdiv" style="style8 td-social-boxed td-social-font-icons" tdc_css="eyJhbGwiOnsibWFyZ2luLWJvdHRvbSI6IjM4IiwiZGlzcGxheSI6IiJ9LCJwb3J0cmFpdCI6eyJtYXJnaW4tYm90dG9tIjoiMzAiLCJkaXNwbGF5IjoiIn0sInBvcnRyYWl0X21heF93aWR0aCI6MTAxOCwicG9ydHJhaXRfbWluX3dpZHRoIjo3Njh9" custom_title="Stay Connected" block_template_id="td_block_template_8" f_header_font_family="712" f_header_font_transform="uppercase" f_header_font_weight="500" f_header_font_size="17" border_color="#dd3333" twitter="#"]
Exit mobile version