27.2 C
Colombo
Wednesday, December 10, 2025

ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාව බලා පිටත්ව යයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එක් දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගී වීමට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් ඉන්දියාව බලා පිටත්ව ගියා.

දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ක්‍රිකට් කණ්ඩායම දිවයිනෙන් බැහැරව යාමට මත්තෙන්, ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේ දී සර්ව ආගමික වතාවත්වලට සහභාගි වී ආශිර්වාද ලබා ගත්තා.

එළඹෙන ඔක්තෝබර් 05 වැනි දා අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී තරගාවලිය ආරම්භ වන අතර එය නොවැම්බර් 16 වැනි දා එම ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිත අවසන් මහා තරගයෙන් නිමා වනවා.

එක්දින ක්‍රිකට් ලෝක කුසලානය සඳහා කණ්ඩායම් දහයක් තරග වදින අතර ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරගය එළඹෙන 07 වැනි දා දකුණු අප්‍රිකානු කණ්ඩායමත් සමග නව දිල්ලියේ දී පැවැත්වෙනවා.

නිලධාරීන් , පුහුණුකරුවන් , ක්‍රීඩකයින් ඇතුළු 35 දෙනෙකුගෙන් යුතු පිරිසක් මේ සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි බවයි වාර්තා වී ඇත්තේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කෙරුණේ, ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යන්නට පැය කිහිපයකට පෙරයි.

ශ්‍රී ලංකා පන්දු යැවීමේ බල ඇණියේ ප්‍රධානතම තුරුම්පුව වන වනිඳු හසරංගට ආබාධයක් හේතුවෙන් මෙවර ලෝක කුසලානය අහිමිවනු ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

වනිඳු මුහුණ දී සිටින ආබාධ තත්ත්වය යම් හෙයකින් සුව වුවහොත් ඔහුව තරගාවලියේ මැද දී කණ්ඩායම වෙත ඇතුලත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සූදානමින් සිටින බවත් වාර්තා වනවා.

කෙසේ වෙතත් තරගාවලිය සඳහා පිටත්ව ගිය කණ්ඩායමේ

1. දසුන් ශානක – නායක

2. කුසල් මෙන්ඩිස් – උපනායක

3. කුසල් ජනිත් පෙරේරා

4. දිමුත් කරුණාරත්න

5. පැතුම් නිස්සංක

6. චරිත් අසලංක

7. ධනංජය ද සිල්වා

8. සදීර සමරවික්‍රම

9. දුනිත් වෙල්ලාලගේ

10. කසුන් රාජිත

11. මතීෂ පතිරණ

12. ළහිරු කුමාර

13. ඩිල්ෂාන් මධුෂංක

14. දුෂාන් හේමන්ත

15. මහීෂ් තීක්ෂණ

16. චාමික කරුණාරත්න (අතිරේක)  ක්‍රීඩකයන් ඇතුලත්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[td_block_social_counter facebook="tagdiv" youtube="tagdiv" style="style8 td-social-boxed td-social-font-icons" tdc_css="eyJhbGwiOnsibWFyZ2luLWJvdHRvbSI6IjM4IiwiZGlzcGxheSI6IiJ9LCJwb3J0cmFpdCI6eyJtYXJnaW4tYm90dG9tIjoiMzAiLCJkaXNwbGF5IjoiIn0sInBvcnRyYWl0X21heF93aWR0aCI6MTAxOCwicG9ydHJhaXRfbWluX3dpZHRoIjo3Njh9" custom_title="Stay Connected" block_template_id="td_block_template_8" f_header_font_family="712" f_header_font_transform="uppercase" f_header_font_weight="500" f_header_font_size="17" border_color="#dd3333" twitter="#"]
Exit mobile version