30 C
Colombo
Wednesday, December 10, 2025

ලෝක කුසලාන තරග පැවැත්වෙන හරාරේ ක්‍රීඩාංගණයේ ගින්නක්

එක්දින ක්‍රිකට් ලෝක කුසලානයට සුදුසුකම් ලැබිමේ තරගාවලියේ ඒ ඛාණ්ඩයේ තරග පැවැත්වෙන හරාරේ ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ ගින්නක් හට ගෙන තිබෙනවා.

පසුගිය 20වැනිදා සිම්බාබ්වේ සහ නේදර්ලන්තය අතර පැවැති තරගයෙන් පැය 06කට පමණ පසුවයි මෙම ගින්න හටගෙන ඇත්තේ.

ක්‍රීඩාංගණයේ දකුණු කෙළවරේ මෙම ගින්න හටගෙන ඇති අතර බලධාරින් සහ ආරක්ෂ,අංශ එක්ව කඩිනමින් එය මැඩපැවැත්විමට කටයුතු කළා.

ඉන් ක්‍රීඩාංගණයට සිදුවිමට තිබු හානිය වළක්වාගෙන ඇති අතර ගින්නට හේතුව කුමක්දැයි මෙතෙක් තහවුරුවී නැහැ.

ඊයේ දිනයේදි අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල නිලධාරින් ක්‍රීඩාංගණය පරීක්ෂා කිරීමේන් අනතුරුව තරගාවලියේ ඉතිරි තරග එහි පැවැත්විම ගැටලුවක් නොවන බව නිගමනය කර තිබුණා.

ඒ අනුව අද එක්දින ලෝක කුසලාන සුදුසුකම් ලැබිමේ තරගාවලියේ තවත් තරග දෙකක් හරාරේ ක්‍රීඩාංගණයේදී පැවැත්විමට නියමිතව තිබුණා.

එහිදී නේපාලය කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමගත්, නේදර්ලන්තය කණ්ඩායම අමෙරිකාව සමගත් තරග වැදිමට නියමිතයි.

තරගාවලියේ අවසන් මහා තරගයද හරාරේ ක්‍රිඩාංගණයේදි පැවැත්වීමට සැලසුම් කර තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[td_block_social_counter facebook="tagdiv" youtube="tagdiv" style="style8 td-social-boxed td-social-font-icons" tdc_css="eyJhbGwiOnsibWFyZ2luLWJvdHRvbSI6IjM4IiwiZGlzcGxheSI6IiJ9LCJwb3J0cmFpdCI6eyJtYXJnaW4tYm90dG9tIjoiMzAiLCJkaXNwbGF5IjoiIn0sInBvcnRyYWl0X21heF93aWR0aCI6MTAxOCwicG9ydHJhaXRfbWluX3dpZHRoIjo3Njh9" custom_title="Stay Connected" block_template_id="td_block_template_8" f_header_font_family="712" f_header_font_transform="uppercase" f_header_font_weight="500" f_header_font_size="17" border_color="#dd3333" twitter="#"]
Exit mobile version