බාර්බඩෝස්හීදී පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම පන්දුවාර 19 යි පන්දු 4 කදී සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 103 කි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 17 යි එක් පන්දුවකදී කඩුල්ලක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ ය. බ්‍රැන්ඩන් කිංග් නොදැවී ලකුණු 51 ක් රැස් කළේ සිය දෙවැනි 20 යි 20 අර්ධ ශතකය වාර්තා කරමිනි. දෙරට අතර 20 යි 20 ක්‍රිකට් තරගාවලිය තරග 5 කින් සමන්විත වේ