28 C
Colombo
Wednesday, December 10, 2025

කෝට්ටේ රජමහා විහාරයේ වාර්ෂික දළදා පෙරහර

ඓතිහාසික ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රජමහා විහාරස්ථානයේ වාර්ෂික ශ්‍රී දළදා මහා පෙරහර මංගල්‍යයේ අවසන් පෙරහර ඊයේ (09) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් ආරම්භ කෙරුණා.

ඊයේ පස්වරුවේ ඓතිහාසික ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රජමහා විහාරස්ථානයට පැමිණි ජනාධිපතිවරයා විහාරාධිපති කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ උපනාම ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය අලුත්නුවර අනුරුද්ධ හිමිපාණන් වහන්සේ බැහැදැක කෙටි පිළිසඳරක නිරත වුණා.

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර ලංකාරාමාධිපති ඉන්දියානා බෞද්ධ විහාරාධිපති කෝට්ටේ රජමහා විහාරාධිකාරි පූජය තලංගම දේවානන්ද හිමිපාණන් වහන්සේ ද එම අවස්ථාවට එක්ව සිටියා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විහාර මන්දිරයට ගොස් ආගමික වතාවත් සිදු කර ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව අවසන් මහා පෙරහර සමාරම්භය සනිටුහන් කරමින් ‘කෝට්ටේ රාජා‘ මංගල හස්ථිරාජයා මත සධාතුක කරඬුව තැන්පත් කළා.

අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, හිටපු අමාත්‍ය රවී කරුණානායක යන මහත්වරු ද මෙම අවස්‌ථාවට එක්ව සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[td_block_social_counter facebook="tagdiv" youtube="tagdiv" style="style8 td-social-boxed td-social-font-icons" tdc_css="eyJhbGwiOnsibWFyZ2luLWJvdHRvbSI6IjM4IiwiZGlzcGxheSI6IiJ9LCJwb3J0cmFpdCI6eyJtYXJnaW4tYm90dG9tIjoiMzAiLCJkaXNwbGF5IjoiIn0sInBvcnRyYWl0X21heF93aWR0aCI6MTAxOCwicG9ydHJhaXRfbWluX3dpZHRoIjo3Njh9" custom_title="Stay Connected" block_template_id="td_block_template_8" f_header_font_family="712" f_header_font_transform="uppercase" f_header_font_weight="500" f_header_font_size="17" border_color="#dd3333" twitter="#"]
Exit mobile version