හම්බන්තොට සෆාරි උද්‍යානයේ චන්ඩී සහ මීරා සිංහ යුවලට දාව උපත ලැබූ ” සිම්බා ” සිංහ පැටවා ඉකුත් 26 දින සිට මහජන ප්‍රදර්ශනයට ඉදිරිපත් කෙරුණා.
මීට මාස 5 කට පෙර දුර්වල තත්ත්වයෙන් උපත ලැබූ ” සිම්බා “සිංහ පැටවා තම මව විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් දෙහිවල ජාතික සත්වෝද්‍යානයට රැගෙන එමට කටයුතු කෙරුණා.
පශු වෛද්‍යවරුන් හා සත්ව භාරකරුවන්ගේ අධීක්ෂණය යටතේ අවශ්‍ය ප්‍රතිකාර මෙන්ම නොමද ආදරය , කරුණාව ලබමින් දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ හැදී වැඩුනු සිම්බා මේ වන විට යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවයි වෛද්‍යවරු පවසන්නේ. “සිම්බා” සිංහ පැටවා සතියේ සෑම දිනකම පෙරවරු 9.30 -10.30 දක්වාත් පස්වරු 2.30 – 3.30 දක්වාත් අලි රංග පීඨ 1 දී සත්වෝද්‍යානය නරඹන්නන් හට දැක ගැනිමට අවස්ථාව උදාවනවා.