30 C
Colombo
Wednesday, December 10, 2025

ශ්‍රී ලංකා A කණ්ඩායමට අවමන්සහගත පරාජයක්

ආසියානු යොවුන් කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරග වටයේ ශ්‍රී ලංකා A කණ්ඩායම සමඟ පැවති තරගයෙන් ලකුණු 60 ක ජයක් වාර්තා කරන්නට පාකිස්ථාන A කණ්ඩායමට ඊයේ හැකියාව ලැබුණා.

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවති තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්ථාන A ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 50 අවසානයේ සියල්ලන් දැවී 322ක ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

ඔමේර් යූසුෆ් ලකුණු 8ක් සහ නායක මොහොමඩ් හැරිස් ලකුණු 52ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී ලහිරු සමරකෝන්, ප්‍රමෝද් මධුෂාන් සහ චාමික කරුණාරත්න අතරේ කඩුලු 2 ක බැඟින් බෙදී ගියා.

ලකුණු 323ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා A ක්‍රීඩකයින් පන්දුවාර 45යි පන්දු 4ක් අවසානයේ සියල්ලන් දැවී ලබා ගැනීමට හැකි වුණේ ලකුණු 262ක් පමණයි.

අවිශ්ක ප්‍රනාන්දු සහ සහාන් ආරච්චිගේ ලකුණු 97බැඟින් ලබා ගත්තත් එය ශ්‍රී ලංකා ජයග්‍රහණයට උපකාරී වුණේ නැහැ.

අශේන් බණ්ඩාර ලකුණු 17යි.

ශ්‍රී ලංකා ඉනිම අඩපණ කළ අර්ෂාඩ් ඉක්බාල් ලකුණු 37කට කඩුලු 5ක් බිඳ හෙළමින් තරගයේ වීරයා සම්මානය ද දිනා ගත්තා.

මේ ජයත් සමඟ පාකිස්ථාන කණ්ඩායම අවසන් මහා තරගය සඳහා සුදුසු ලබා ගත් අතර ඔවුන් හෙට ඉන්දියාව සමඟින් තරග බිමට පිවිසීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[td_block_social_counter facebook="tagdiv" youtube="tagdiv" style="style8 td-social-boxed td-social-font-icons" tdc_css="eyJhbGwiOnsibWFyZ2luLWJvdHRvbSI6IjM4IiwiZGlzcGxheSI6IiJ9LCJwb3J0cmFpdCI6eyJtYXJnaW4tYm90dG9tIjoiMzAiLCJkaXNwbGF5IjoiIn0sInBvcnRyYWl0X21heF93aWR0aCI6MTAxOCwicG9ydHJhaXRfbWluX3dpZHRoIjo3Njh9" custom_title="Stay Connected" block_template_id="td_block_template_8" f_header_font_family="712" f_header_font_transform="uppercase" f_header_font_weight="500" f_header_font_size="17" border_color="#dd3333" twitter="#"]
Exit mobile version